ජියා ඛාන්ගේ අවමගුල – පෙම් හබයත් හේතුවක්ද? (ඡායාරූප)

jiah khan 1සුරූපී හින්දි නිළියක්‌ සිය දිවි නසා ගැනීම ගැන හිතන්නටවත් බැරිය. සුරංගනාවියන් වැනි ඔවුන්ටත් ජීවිතය එපා වන්නේද? එහෙත් අද ලෝකයේ සිදු වන්නේ නොසිතූ දේවල්මය. නොපැතූ දේවල්මය. 25 හැවිරිදි බොලිවුඩ් නිළි ජියා ඛාන් සිය නිවසේ එල්ලී සිය දිවි නසාගෙන ඇත. මේ වනවිට දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව ඇයගේ මේ හදිසි දිවිනසා ගැනීමට හේතුව ඇයගේ පෙම්වතා පිළිබඳව ඇතිකරගෙන තිබූ අනවශ්‍ය සැක කිරීම බව හේතු වී තිබේ. ඇති තරම් පිරිමින් ආශ‍්‍රය කිරීමේ අවස්ථාව හිමි බොලිවුඞ් සිනමාවේ පිවිතුරුව ආදරය කරන, ආදරය ගැන විශ්වාස කරන මෙවන් නිළියක් / යුවතියක් ගැන අසන්නට ලැබීම පවා දුර්ලභ බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. 2007 වසරේ දී අමිතාබ් භච්චන් සමග නිශාබ් නම් හින්දි චිත්‍රපටයේ රඟපෑ මේ නිළිය ඉකුත් සඳුදා රාත්‍රී 11 ත් 11.30 ත් අතර මුම්බායි හි සිය නිවසේදී ගෙල වැලලා ගෙන ඇත. මේ පුවත දැනගත් අමිතාබ් භච්චන් සිය ට්‌විටර් වෙබ් පිටුවේ සඳහන් කර ඇත්තේ “මොනවා ජියා ඛාන්, ඇත්තට මොකක්‌ද වෙලා තියෙන්නේ… විශ්වාස කරන්නත් බැහැ” යනුවෙනි. ජියා මීට සති දෙකකට පමණ පෙර ට්‌විටර් වෙබ් අඩවිය වෙතින් ඉවත්ව ඇත්තේ තමාට විවේකයක්‌ ගත යුතු බවට සටහනක්‌ තබමිනි. මුම්බායි පොලිස්‌ නිලධාරීන් පවසන්නේ ජියාගේ දේහය එල්ලෙමින් තිබෙන අයුරු මුලින්ම දැක ඇත්තේ ඇගේ මව බවයි. මේ සියදිවි නසා ගත් නිළිය අමීර් ඛාන් සමග මෙන්ම ආක්‌ෂේ කුමාර් සමගද රඟපා ඇත. කෙසේ නමුත් ජියා අවසන් වරට රඟපෑ හින්දි චිත්‍රපටය වූයේ 2010 දී තිරගත වූ House full චිත්‍රපටයයි. ඇය රඟපා ඇත්තේ චිත්‍රපට හතරක පමණි.

මෙම මරණය සම්බන්ධයෙන් හින්දි නළු ආදිත්‍ය පන්චෝලිගේ පුත්‍රයා වන සුරාජ් පන්චෝලිගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත. ජිආ සිය දිවි නසාගෙන ඇත්තේ රාත්‍රි 11 ත් 11.30 අතරය. ඇය සිය අවසාන දුරකථන ඇමතුම 10.40 ට රැගෙන ඇත්තේ සුරාඡ් වෙතය. ඒ අනුව සුරාඡ් තම දෙමාපියන් සමග මුම්බායිහි ජුහු පොලිස්‌ ස්‌ථානය වෙත ගොස්‌ කටඋත්තරයක්‌ දී ඇත. ජියාගේ මව වන රාජියා ඛාන් පවසා ඇත්තේ සිය දියණිය තමාගේ නිළි ජීවිතය ගැන කලකිරීමෙන් සිටි බවයි. පොලිසිය ජියාගේ සේවිකාවගෙන් නිවසේ මුරකරුවාගෙන්ද මේ ගැන ප්‍රශ්න කර ඇත. පශ්චාත් මරණ පරීක්‌ෂණයෙන්ද හෙළිවී ඇත්තේ මේ නිළියගේ මරණයට හේතුව ගෙල වැලලා ගැනීම බවය. මේ නිළියගේ ඇත්ත නාමය වන්නේ නµsයා ඛාන්ය. 1988 පෙබරවාරි 20 වැනිදා නිව්යෝර්ක්‌ නගරයේ දී උපන් ඇය හැදී වැඩුණේ ලන්ඩනයේය. ඇය බ්‍රිතාන්‍ය පුරවැසිකම් ඇති ඉන්දියානුවෙකි. ඇය “ජියා ඛාන්” ලෙස නම වෙනස්‌ කර ගත්තේ සිය මුල්ම චිත්‍රපටය වූ Nishabd හි රඟපෑම සඳහා ය. ජියාගේ පියා අලි රිස්‌වි ඛාන් ඉන්දියානු සම්භවයක්‌ ඇති ඇමරිකානුවෙකි. ලන්ඩනයේ හැදී වැඩුණු මැය මුම්බායි හි පදිංචියට පැමිණියේ තම නිළි දිවිය වඩා සාර්ථක කර ගැනීම සඳහාය. ඇය 1998 දී ළමා නිළියක්‌ වශයෙන් දිල්සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ වන මේග්නාගේ ළමා චරිතයට පණ පෙව්වාය. ජියා සිය දිවි නසා ගත්තේ ඇගේ පෞද්ගලික ප්‍රශ්න නිසා ඇතිවූ මානසික පීඩාවට බව සමහර ඉන්දියානු මාධ්‍ය කියයි. නමුත් මේ ගැන නිශ්චිත තොරතුරක්‌ දැන ගැනීමට නොහැක්‌කේ ඇය සිය දිවි නසා ගැනීමට පෙර කිසිම ලිපියක්‌ ලියා තබා නැති බැවිනි. කවරක්‌ නමුත් ටයිම්ස්‌ ඔµa ඉන්දියා පුවත්පත වාර්තා කර තිබුණේ සුරාජ් පන්චෝලි සමග තිබූ ආදර සම්බන්ධය බිඳ වැටීම මෙම සිය දිවි නසා ගැනීමට එක්‌ හේතුවක්‌ වී ඇති බවය. ජියා සිය දිවි නසා ගැනීමට පෙර සුරාජ්ට යෑවූ කෙටි පණිවිඩ මගින් ප්‍රශ්න කර ඇත්තේ ඔහු වෙනත් අයෙකු හා සම්බන්ධයක්‌ ගොඩනඟාගෙනද යන්න පිළිබඳවය. ඇය සුරාඡ්ට සිය අවසන් දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ 10.53 ට වන අතර මේ දෙදෙනා අතර විනාඩි දෙකක සංවාදයක්‌ සිදුව ඇත. සුරූපී හින්දි නිළියටත් ජීවිතය එපාවීම තුළින් ලෝකය යනු කෙතරම් මායාවක්‌ද යන්න පැහැදිලි වේ. 

- වරදත්ත අකලංක

ඇය දිවිනසාගත්තාද නැතිනම් කිසිවෙකු ඈව මරාදැමුවාද සැකය පැවැති නමුත් ඊයේ සවස නිකුත්වූ මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඇගේ මරණය සිය දිවි නසාගැනීමක් බව තහවුරු වුණා. ගෙළ සිරවීමෙන් ඇගේ මරණය සිදුව ඇති බව වාර්තාවේ දැක්වෙනවා. දිවිනසාගන්නා අවස්ථාවේ ඇය ඇල්කොහොල් ලබාගෙන තිබුණාද යන්න ගැන රසායනික වාර්තාව තවමත් ලැබී නැත. මෙය පෙම් පළහිලව්වක ප‍්‍රතිඵලයක් බව මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව තහවුරුවී තිබෙනවා. ඇගේ පෙම්වතා බව කියන සුරාජ් පන්චෝලි වෙනත් කාන්තාවක හා සම්බන්ධයක් ගොඩනගාගෙන සිටීම ගැන ඇය සැකකර තිබුණ බවත් ඒ නිසා පෙම්වතා සමග ඇය පසුගිය දින කිහිපයේම රණ්ඩු කරගත් බවත් පෙම්වතාගෙන් පොලිසිය ලබාගත් කට උත්තරයේ සඳහන්ව තිබුණා. ජියා කාන් මව සමග එක නිවසේ වාසය කර තිබුණ බැවින් මවගෙන් පොලිසිය ලබාගත් තොරතුරු වලින්ද මේ කරුණු ඔප්පුවූ අතර ඇය පවසා ඇත්තේ මෙයට මාස අටකට පමණ පෙරත් මත්පැන් බිව් ජියා පෙම්වතා සැකකර බ්ලේඞ් තලයකින් අතේ මැණික් කටුව කපාගෙන දිවිනසාගන්නට උත්සාහයක යෙදුණ බවයි. දැඩි මානසික පීඩනයකින් ඇය පසුගිය කාලය පුරාම කටයුතු කළ බවද ජියාගේ මව සාක්ෂි දුන්නා. කෙසේ වෙතත් ජියා හා සුරාජ් පෙම්වතුන් වූ පසු එම පවුලම මොවුන් සමග සමීප ඇසුරක් පැවැත්වූ බව වාර්තා වනවා. 

ජියා කාන් දිවිනසාගත්තේ ජුනි 3 වනදා රාත‍්‍රියේය. එයට පෙර ජුනි 1 වනදා සවස ඇය කිසියම් උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු සිය පෙම්වතා සුරාජ්ව හමුව ඇති බවත් එදින රාත‍්‍රියේ පෙම්වතා ඔහුගේ දෙමාපියන් සමග සිටින නිවසට ගොස් ඇය නවාතැන් ගත් බවත් වාර්තා වුණා. එදින සුරාජ්ගේ නිවසේ ගතකිරීමෙන් පසු 2 වනදා දවල් ඔහු සමග තැන්තැන් වල ඇවිද රාත‍්‍රි ආහාරයද ලබාගෙන ඇය නැවත ඇගේ අපාර්ට්මන්ට් එකට සුරාජ් ඇරලවා ඇත්තේ රාත‍්‍රියේය. ඊට පසු 3 වන සඳුදා දවස තිස්සේම ඇය පෙම්වතා සමග 10 වතාවකට වඩා දුරකථනයෙන් සම්බන්ධවී ඇති බව රහස් පොලිස් වාර්තා වල දැක්වෙනවා. ඇයත් ඔහුත් එස් එම් එස් පණිවිඩ ගණනාවක්ද හුවමාරු කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඇගේ සැකකාර වදන් නොරිස්සුණ නිසාදෝ හැන්දෑවේ සිට ඇය ලබාදුන් ඇමතුම් ප‍්‍රතික්ෂේප කරන්නට සුරාජ් කටයුතු කර ඇති බව පරීක්ෂණ වලදී සොයාගෙන ඇත. ‘ඇයි මට උත්තර එවන් නැත්තේ..’ යන අර්ථය සඳහන් එස් එම් එස් පණිවිඩ ඇය විසින් පෙම්වතාට සවස් කාලයේ යවා ඇති බවද හෙළි වුණා.

කෙසේ වෙතත් රාත‍්‍රී 9.15 ට පමණ මහල් නිවාසයේ මුරකරුවන් වෙත කුරියර් සේවාවකින් ජියාට ලබාදෙන ලෙස යොමු කර තිබුණ මල් බොකේ එකක සඳහන් වූයේ ‘සුරාජ්ගෙන් ජියාට ආදරයෙනි’ යන්නයි. එය මුරකරුවන් ඇයට ලබාදී තිබුණා. ජියා නිවසේ සට ඇත්තේ මෙහෙකාරියක සමගිනි. ඇයට මල් බොකේ එක ලැබුණ පසු ඔහුට යළි ඇමතුම් ලබාගත් බවත් ‘මට අද ?ම ඔයාව ආයෙත් හමුවෙන්න ඕන.. ලෙසින් කියූ බවත් වාර්තා වුණා. ඇය ? 9.30 ට පමන නිවසින් පිටත්වී ගිය බව මෙහෙකාරිය සාක්ෂි දුන්නා. කෙසේ වෙතත් එසේ ගිය ඇය නැවත ? 10.53 ට පමණ නිවසට ආවේ ‘වැඩක් නෑ දේවා සුරාජ් බිසී වෙලා මං පිට ඉඳන් කථා කරා… ඒත් හම්බවෙන්න බෑලූ’ යනුවෙන් දේවා නමැති මෙහෙකාරියට පවසමිනි. නැවත නිවසේ සිට මිනිත්තු දෙකක පමණ කෙටි ඇමතුමක් ඇය ලබාගෙන තිබෙන අතර ? 11.07 ට අවසන් එස්එම්එස් එක යවා ඇත. ඇය සීලිමේ ෆෑන් එකක එල්ලී මියගියේ ? 11.30 ට පමණය. ඇගේ හදිසි දිවි නසාගැනීමට හේතුව කුමක්දැයි මුම්බායිහි පොලිසිය සිදු කරන විමර්ශන කටයුතු තවමත් අවසන්ව නැත. පොලිසිය ලබාගත් කට උත්තරයේදී පෙම්වතා වන සුරාජ් පන්චෝලි කියා ඇත්තේ ඇයට දිවි නසාගන්නට තරම් හේතුවක් නොවූ බවයි. ඇය අසාමාන්‍ය ලෙස තමාව සැකකිරීම ගැටලූවක්වුණ බව ඔහු කියා තිබූ අතර තමාත් ජියාත් අතර විවාහය ගැන පවා සාකච්ඡුා කර තිබුණ බවත් ඇය මියගිය මොහොතේ ඇගේ මව ඇගේ සොයුරිය සමග සිටියේ තම පියාද සහභාගීවූ රාත‍්‍රී භෝජන අවස්ථාවක බවත් කියා සිටියා. අවාසනාවන්ත ලෙස පෙම්වතා සැකකිරීම මානසික පීඩාවක් කරගත් ජියා කාන් මිය යන විට වයස 25 ක් පමණි. ඇය ර`ගපා ඇත්තේ චිත‍්‍රපට තුනක පමණි. ශෘංගාර මානසික ආතතිය ගැන කියැවෙන බොලිවුඩයේ පෙරළිකාර චිත‍්‍රපටයක්වූ නිෂ්භද්හි ඇගේ රංගනය නිසා ඇය වඩාත් ප‍්‍රචලිතව සිටියා. එම චිත‍්‍රපටයට එල්ලවූ චෝදනා නිසා ඇය වසර තුනක් පමණ කාලයක් තිස්සේ නව කොන්ත‍්‍රාත්තු වලට අත්සන් නොකර සිටි බවද කියැවුණා. ඊයේ සවස මුම්බායිදී ඇගේ අවසන් කටයුතු සිදුවූයේ නළු නිළියන් රැුසකගේ සහභාගීත්වයෙනි. අමීර් ඛාන්, දියා මිර්සා සහ අමිතාබ් බච්චන් ඇගේ හදිසි මරණය ගැන කම්පාවී ප‍්‍රකාශ නිකුත් කර තිබෙනවා (pickuplanka)

jiah khan 2 jiah khan 4 jiah khan 5 jiah khan 6 jiah khan 8 jiah khan 9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(divaina)

Leave a Reply

*
Copyright © 2014 Lanka Frontline. All rights reserved.